ජීවිතේ සංහිදියාව හෝ නිවීම ඇති කරගන්න වගේම යතාර්ථය දකින්නත් ටිකික් අමාරුයි. ඒකට ජීවිතාවබෝධය වගේම අත්දැකීම්මුත් ඉවහල් වෙනවා. තමන්ටම කියල අත්දැකීම් නැති උනත් යතාර්ථවාදීව දකින්න, වෙනස් විදිහකට හිතන්න වගේම නිවෙන්නත් කතා, අදහස්, ලිපි වගේම දේශනාත් උදව්වෙයි කියලයි හිතෙන්නෙ෴

Sunday, August 1, 2010

බුදු ඇසින් ලෝකය දෙස බැලීම ගැන වදාළ උදානය

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ඇවෑමෙන්, ඒ සමාධියෙන් නැගිටලා සම්බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලා වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සම්බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලද්දී රාගය නිසා හටගත්, ද්වේෂය නිසා හටගත්, මෝහය නිසා හටගත් නොයෙක් තැවිලි වලින් තැවි තැවී ඉන්න නොයෙක් දැවිලි වලින් දැවි දැවී ඉන්න සත්වයන් දැක වදාළා. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

මේ ලෝක සත්වයා තුළ හට ගෙන තියෙන්නෙ සන්තාපයමයි. ස්පර්ශයෙන් පීඩිත වෙලයි ඉන්නෙ. එයින් උපදනා රෝගී බව තමන්ගේ කියලා කියනවා. හිතාගෙන ඉන්නෙ යම් විදිහකින් නමුත් සිද්ධ වෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

භයට ඇලූන සත්වයාට සිද්ධ වෙන්නෙ නොසිතන දෙයක්මයි. ලෝක සත්වයා භවයෙන් පීඩා විඳිනවා. නමුත් සතුටින් පිළිගන්නෙ භවයමයි. ඔහු සතුටින් පිළිගන්න දේමයි ඔහුට භය ඇති කරන්නෙ. යමකින් භය වෙනවා නම්, ඒකමයි දුක. භවය දුරු කිරීම පිණිසමයි මේ නිවන් මග අනුගමනය කළ යුත්තේ......

- ලෝකාවලෝකන සූත‍්‍රය -

Click here to listen to an excellent explanation of Lokawalokana Suttha (Sinhala) by Rev. Kiribathgoda Gchanananda Thero...

No comments:

Post a Comment